Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 15:24 - Sinhala Revised Old Version

24 යම් පුරුෂයෙක් ඈ සමඟ සයනය කොට ඇගේ කිලුට ඔහු පිට වන්නේනම්, ඔහු සත් දවසක් අපවිත්‍රව සිටින්නේය; ඔහු සැතපෙන සියලු යහන්ද අපවිත්‍රව තිබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඒ කාලය තුළ දී යම් පුරුෂයෙකු ඈ සමඟ සයනය කර ඇගේ අපවිත්‍රතාවය ඔහු පිටට පැමිණියහොත්, ඔහු හත් දිනක් අපවිත්‍ර වේ. ඔහු සයනය කරන යහන ද අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඒ කාලය තුළ දී යම් පුරුෂයෙකු ඈ සමඟ සයනය කර ඇගේ අපවිත්‍රතාවය ඔහු පිටට පැමිණියහොත්, ඔහු හත් දිනක් අපවිත්‍ර වේ. ඔහු සයනය කරන යහන ද අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:24
9 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙක් ඔසප්වී සිටින ස්ත්‍රියෙකු සමඟ සයනයකර ඇගේ නග්නභාවය හැරීයොත් ඔහු ඇගේ උල්පත නග්නකෙළේය, ඈද තමාගේ ලේ උල්පත හැරීයාය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදැමිය යුතුය.


ප්‍රේමවන්තයෙනි, නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධකරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.


ස්ත්‍රියෙක් මාසේ මාරුවී අපවිත්‍රව සිටින තුරු ඇගේ නග්නභාවය හැරීමට ඈ කරා නොපැමිණෙන්න.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


ඉශ්‍රායෙල් වංශයේ දේවරූපවලට තමාගේ ඇස් නොඑසෙවුවේ නම්, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍ර නොකොට, ඔසප්වී සිටින ස්ත්‍රියෙක් වෙතට නොපැමිණ සිටින්නේ නම්,


නුඹ තුළ පියාගේ නග්නකම ප්‍රකාශකළෝය. නුඹ තුළ ඔසප්ව සිටි තැනැත්තීට අගෞරවකළෝය.


පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.


සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.


යහන පිටවත් ඈ හිඳගන්න දෙයක් පිටවත් තිබෙන දෙයෙහි ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්