Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 15:19 - Sinhala Revised Old Version

19 යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:19
10 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය.


දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක්


මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ රටෙහි වාසයකරද්දී ඔව්හු තමුන්ගේ මාර්ගයෙන්ද තමුන්ගේ ක්‍රියාවලින්ද ඒක අපවිත්‍රකළෝය. ඔවුන්ගේ මාර්ගය කිළිවූ ස්ත්‍රීයෙකුගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි වූයේය.


සියොන් ඇගේ අත් විදහාගන ඉඳියි; ඈ සනසන්ට කෙනෙක් නැත; යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේඅණකර තිබේ. යෙරුසලම ඔවුන් අතරෙහි කිලුටක්වී තිබේ.


මනුෂ්‍යයෙක් ඔසප්වී සිටින ස්ත්‍රියෙකු සමඟ සයනයකර ඇගේ නග්නභාවය හැරීයොත් ඔහු ඇගේ උල්පත නග්නකෙළේය, ඈද තමාගේ ලේ උල්පත හැරීයාය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදැමිය යුතුය.


තවද ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ තිස්තුන් දවසක් සිටින්නීය; ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවන තෙක් කිසි ශුද්ධ දෙයක ස්පර්ශ නොවිය යුතුය, ශුද්ධ ස්ථානයට ඇතුල් නොවිය යුතුය.


ඇගේ කිලුටුකමේදී ඈ සැතපෙන සියල්ලද අපවිත්‍ර වන්නේය. ඈ හිඳගන්න සියල්ලද අපවිත්‍රවන්නේය.


තමා අපවිත්‍රකළ හැකි බඩගායන කිසි සතෙකුට හෝ තමා කොයි අන්දමින් නුමුත් අපවිත්‍රකළ හැකි අපවිත්‍රකමක් ඇති කිසි පුරුෂයෙකුට හෝ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්