Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:7 - Sinhala Revised Old Version

7 කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:7
29 හුවමාරු යොමු  

නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


උන්වහන්සේ ‍බොහෝ ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත.


එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.


එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.


ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.


මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සියලු ආඥා කියාදුන් පසු, වස්සන්ගෙත් එළුවන්ගෙත් ලේ, වතුරද රතු ලොම්ද හිසොප්ද සමඟ ගෙන:


මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදුකරනු ලබන්නේ නම්,


වතුර සහ ලේ කරණකොටගෙන ආ තැනන්වහන්සේ නම් මුන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය; වතුරෙන් පමණක් නොව වතුරෙන් සහ ලෙයින්ය.


අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.


නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.


එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.


එසේම මණ්ඩපයටත් සේවයේ සියලු භාජනවලටත් ඔහු ලේ ඉස්සේය.


එසේ වුවත්, හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇළයට ඇන්නේය, එකෙණෙහිම ලේත් වතුරත් නික්මුණේය.


උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.


වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.


හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.


මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.


එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය.


ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍රකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා.


තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙන ඉර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය.


කිහිරි දඬුද හිසොප්ද රතුලොම්ද පණ ඇති පක්ෂියාද රැගෙන, මැරූ පක්ෂියාගේ ලෙයෙහිත් බැස යන ජලයෙහිත් ගිල්වා සත් වරක් ගෙට ඉස,


පූජකයා ඔහු බැලුවාම කුෂ්ඨ ලකුණ සුදුවී තිබෙන බව දුටුවොත් රෝගාතුරයා පවිත්‍රය කියා පූජකයා කිය යුතුය. ඔහු පවිත්‍රය.


එවිට ඔහුගේ මුළු ශරීරය කුෂ්ඨයෙන් වැසී තිබේනම් රෝගාතුරයා පවිත්‍රයයි ඔහු විසින් කිය යුතුය. සියල්ල සුදුවී තිබෙන බැවින් ඔහු පවිත්‍රය.


ඔහු එයින් පූජාසනය පිට සත් වරක් ඉස පූජාසනය සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය හා ඒකේ අඩියද පවිත්‍රකරන පිණිස ඒවා ආලේපකෙළේය.


තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය.


පූජකයාද තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ලෙයින් සත් වරක් ඉසිය යුතුය.


ඔහු තුන්වෙනිදා එයින් දෝෂ පහකර ගනීවා, එවිට සත්වෙනි දින ඔහු පවිත්‍රවන්නේය. නුමුත් ඔහු තුන්වෙනිදා දෝෂ පහකරනොගත්තොත් සත්වෙනි දින පවිත්‍රනොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්