Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:31 - Sinhala Revised Old Version

31 තමාගේ වත්කමේ හැටියට එකෙක් පාප පූජාවක් කොටද අනිකා දවන පූජාවක් කොටද ආහාර පූජාව ඇතුළුව ඔප්පුකෙරේවා. එසේ පූජකයා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එකෙකු ඔප්පු කළ යුත්තේ පාප පූජාවක් සඳහා ය; අනිකා ධාන්‍ය පූජාවක් සමඟ ඔප්පු කළ යුත්තේ දවන යාග පූජාවක් සඳහා ය; මෙලෙස පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීම ලබන්නා වෙනුවට පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එකෙකු ඔප්පු කළ යුත්තේ පාප පූජාවක් සඳහා ය; අනිකා ධාන්‍ය පූජාවක් සමඟ ඔප්පු කළ යුත්තේ දවන යාග පූජාවක් සඳහා ය; මෙලෙස පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීම ලබන්නා වෙනුවට පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:31
5 හුවමාරු යොමු  

පූජකයාගේ අතේ ඉතිරිව තිබෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නාගේ හිසේ ගා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කෙරේවා.


එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.


එවිට ඔහු තමාගේ වත්කමේ හැටියට කොබෙයියන්ගෙන්වත් පරෙවි පැටවුන්ගෙන්වත්,


තමාගේ පවිත්‍රවීමට නිසි දෙය සපයාගන්ට වත්කම මදිවූ කුෂ්ඨරෝගියා ගැන ව්‍යවස්ථාව ඒකයයි කීසේක.


පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්