Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:12 - Sinhala Revised Old Version

12 එක බැටළු වස්සෙක්ද තෙල් හුණ්ඩුවක්ද රැගෙන අපරාධ පූජාවක් පිණිස ඔප්පුකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට ඒවා තේවකෙරේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:12
13 හුවමාරු යොමු  

ඒ සියල්ල ආරොන්ගේ අත්වලද ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලද තබා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් වශයෙන් වනා තේවකරන්න.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


තවද බැටළුවාගෙන් තෙල්ද තෙල ඇති වල්ගයද අතුණු වැසී තිබෙන තෙල්ද අක්මාව පිට දැලද වකුගඩු දෙකද ඒවා පිට තිබෙන තෙලද දකුණු කළවයද ගන්න; මක්නිසාද ඌ කැපකිරීමේ බැටළුවෙක්ය.


ආරොන්ගේ පත්වීමේ බැටළුවාගේ ළැපැත්ත ගෙන තේව පූජාවක් පිණිස වනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේවකරන්න. එය නුඹේ කොටස වන්නේය.


අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.


ඔහු පවිත්‍රකරන පූජකයාද පවිත්‍රවෙන්ට සිටින මනුෂ්‍යයා සහ ඒ දේවල් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තබා,


තවද පූජකයා පාප පූජාව ඔප්පුකර තමාගේ අපවිත්‍රකම නිසා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා සමගිකමක් කෙරේවා; පසුව ඔහු දවන පූජාවේ සතා මරාවා.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්