Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 13:59 - Sinhala Revised Old Version

59 ලෝම නොහොත් හණ වස්ත්‍රයක්වත් දිග නූල්වත් හරස් නූල්වත් හමෙන් සෑදූ යම් දෙයක්වත් පවිත්‍රය නොහොත් අපවිත්‍රයයි කියන පිණිස ඒවායේ කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේකයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

59 මෙය වනාහි ලෝම වස්ත්‍ර වේවා, වියූ හණ හෝ ලෝම හෝ පිළි වේවා, හම් පිළි හෝ වේවා, ඒවායේ පවිත්‍ර අපවිත්‍රතාව ප්‍රකාශ කිරීමට අදාළ වන නීතිය වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

59 මෙය වනාහි ලෝම වස්ත්‍ර වේවා, වියූ හණ හෝ ලෝම හෝ පිළි වේවා, හම් පිළි හෝ වේවා, ඒවායේ පවිත්‍ර අපවිත්‍රතාව ප්‍රකාශ කිරීමට අදාළ වන නීතිය වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:59
12 හුවමාරු යොමු  

ලොම් වස්ත්‍රයකවත් හණ වස්ත්‍රයකවත් හණ නුමුත් ලොම් නුමුත්,


දිග නූල්වලටත් හරස් නූල්වලවත් හමකවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨයක් හටගැනී,


නුඹ සෝදන වස්ත්‍රයෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් හමෙන් සෑදූ දෙයකින්වත් කුෂ්ඨය පහවුණොත් ඒක දෙවෙනි වරත් සෝදනු ලැබිය යුතුය, එවිට ඒක පවිත්‍රවන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


කුෂ්ඨරෝගියා පවිත්‍රවීමේ දවසෙහි ඔහු පිළිබඳ ව්‍යවස්ථාව මේය–ඔහු පූජකයා වෙතට පමුණුවනු ලැබිය යුතුය.


තමාගේ පවිත්‍රවීමට නිසි දෙය සපයාගන්ට වත්කම මදිවූ කුෂ්ඨරෝගියා ගැන ව්‍යවස්ථාව ඒකයයි කීසේක.


ඒවා පවිත්‍ර කොයි විටද අපවිත්‍ර කොයි විටදැයි ඉගැන්වීමට ව්‍යවස්ථාව මේය. කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේයයි කීසේක.


එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.


වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද,


පුරුෂයෙකු සහ ඔහුගේ භාර්යාව අතරේද පියෙකු සහ ඔහුගේ දුව ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින කල ඈ අතරේද පවත්වන ලෙස ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පනත් මේවාය.


ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකෙරෙවූ ආඥාද විනිශ්චයවල්ද මේවාය.


කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්