Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:58 - Sinhala Revised Old Version

58 නුඹ සෝදන වස්ත්‍රයෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් හමෙන් සෑදූ දෙයකින්වත් කුෂ්ඨය පහවුණොත් ඒක දෙවෙනි වරත් සෝදනු ලැබිය යුතුය, එවිට ඒක පවිත්‍රවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

58 එහෙත්, සේදූ වස්ත්‍රයෙන්, වියූ ඇතිරිල්ලෙන් හෝ හමින් සෑදූ යමකින් වේවා, රෝග ලකුණු පහ වී ගොස් තිබේ නම්, එය දෙ වන වරටත් සේදූ පසු පවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

58 එහෙත්, සේදූ වස්ත්‍රයෙන්, වියූ ඇතිරිල්ලෙන් හෝ හමින් සෑදූ යමකින් වේවා, රෝග ලකුණු පහ වී ගොස් තිබේ නම්, එය දෙ වන වරටත් සේදූ පසු පවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:58
10 හුවමාරු යොමු  

විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,


මේවා (කෑමවලින්ද බීමවලින්ද නානාප්‍රකාර සේදීම්වලින්ද යුක්තවූ,) සකස්කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට අයිති නියෝගවා පමණක්ය.


ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලුවෙමි.


එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.


මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.


එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.


එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.


දිග නූල්වලටත් හරස් නූල්වලවත් හමකවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨයක් හටගැනී,


නුමුත් එය වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් තවත් පෙනුණොත් එය පැතිරෙන බැවින් කුෂ්ඨය ඇති දෙය ගින්නෙන් පුලුස්සා දමන්න.


ලෝම නොහොත් හණ වස්ත්‍රයක්වත් දිග නූල්වත් හරස් නූල්වත් හමෙන් සෑදූ යම් දෙයක්වත් පවිත්‍රය නොහොත් අපවිත්‍රයයි කියන පිණිස ඒවායේ කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේකයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්