Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 13:56 - Sinhala Revised Old Version

56 නුමුත් ඒක සේදුවාට පසු කුෂ්ඨය මැලවී තිබෙන බව පූජකයා දුටුවොත් වස්ත්‍රයෙන්වත් හමෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් ඒක ඉරා දැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

56 වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

56 වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:56
3 හුවමාරු යොමු  

දිග නූල්වලටත් හරස් නූල්වලවත් හමකවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨයක් හටගැනී,


එසේ සේදුවාට පසු පූජකයා කුෂ්ඨය නැවත බැලූ කල කුෂ්ඨයේ පෙනීම වෙනස්නොවී තිබේ නම්, කුෂ්ඨය පැතිරී නැත්නම්, ඒක අපවිත්‍රය; එය ගින්නෙන් පුලුස්සා දමන්න. ඒක ඇතුල් පැත්තේවත් පිට පැත්තේවත් තිබෙන දිරුමක්ය.


නුමුත් එය වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් තවත් පෙනුණොත් එය පැතිරෙන බැවින් කුෂ්ඨය ඇති දෙය ගින්නෙන් පුලුස්සා දමන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්