Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:52 - Sinhala Revised Old Version

52 ඒ වස්ත්‍රයත් ලෝම වුවත් හණ වුවත් දිග නූල් හෝ හරස් නූල් හෝ කුෂ්ඨය ඇති සියලුම හම් බඩුත් ඔහු පුලුස්සා දැමිය යුතුය; මක්නිසාද එය වස කුෂ්ඨයක්ය; ඒක ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

52 එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:52
10 හුවමාරු යොමු  

නුඹේ කැපූ රූපවල රිදී වැස්මත් නුඹේ වාත්තු රූපවල රන් වැස්මත් නුඹලා අපවිත්‍රකරන්නහුය. නුඹ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.


උන්ගේ මළකුණෙන් කිසිවක් යම් දෙයක් පිටට එනම් උදුනක හෝ වලන් මැස්සක හෝ වැටුණොත් එය බිඳදැමිය යුතුය. ඒවා අපවිත්‍රය, ඒවා නුඹලාට අපවිත්‍රවන්නේය.


උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය;


ලොම් වස්ත්‍රයකවත් හණ වස්ත්‍රයකවත් හණ නුමුත් ලොම් නුමුත්,


දිග නූල්වලටත් හරස් නූල්වලවත් හමකවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨයක් හටගැනී,


ඔහු සත්වෙනි දින කුෂ්ඨය බලාවා. ඉදින් වස්ත්‍රයේ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමේවත් හමෙන් සෑදූ කොයියම් දෙයකවත් කුෂ්ඨය පැතිර තිබෙන බව පෙනේනම් එය වස කුෂ්ඨයක්ය; ඒක අපවිත්‍රය.


නුමුත් පූජකයා බැලූ කල වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨය පැතිර නැති බව දුටුවොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්