Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:40 - Sinhala Revised Old Version

40 යමෙකුගේ හිසකේ වැටී ඔහු හිස මුඩුකෙනෙක් වුණත් ඔහු පවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 “යම් පුරුෂයෙකුගේ හිසකෙස් වැටුණොත් ඔහු හිස මුඩු කෙනෙකි; ඔහු පවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 “යම් පුරුෂයෙකුගේ හිසකෙස් වැටුණොත් ඔහු හිස මුඩු කෙනෙකි; ඔහු පවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:40
10 හුවමාරු යොමු  

මාංසයේ දුර්වලකමක් නිසා පළමුකොට මා නුඹලාට ශුභාරංචිය ප්‍රකාශකළ හැටි නුඹලා දන්නහුය.


ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි.


නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න.


එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා.


නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.


ඔහුගේ හිස ඉතා පවිත්‍ර රත්රන් මෙන්ය, ඔහුගේ කෙස් රොද ඝනය, කපුටුවා මෙන් කළුය.


ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය.


යමෙකුගේ ඉස්සරහ පැත්තේ හිසකේ වැටී නළල මුඩු කෙනෙක් වුණත් ඔහු පවිත්‍රය.


පූජකතෙමේ බලාවා; එවිට ඔවුන්ගේ ශරීරයේ හමේ සුදුමැලි පලු තිබෙන බව දුටුවොත් ඒවා හමේ හටගත් ගෝමරය; ඒ අය පවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්