Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:25 - Sinhala Revised Old Version

25 පූජකයා ඒක බලාවා. එවිට පැල්ලමේ මයිල් සුදුවී ඒක හමට වඩා පහත් බව පෙනේ නම් ඒක කුෂ්ඨරෝගයය, ඒක දෑවාවූ තුවාලයෙන් හටගත්තේය. ඔහු අපවිත්‍රයයි පූජකයා කියයුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:25
7 හුවමාරු යොමු  

නුමුත් ඔහුගේ ශරීරයේ හමෙහි තිබෙන පැල්ලම සුදු බවද හමට වඩා පහත්ව නැති බවද එහි මයිල් සුදු නොවී තිබෙන බවද පෙනේනම් පූජකයා රෝගකාරයා සත් දිනක් වෙන්කර සිටුවා,


තවද ස්වාමීන්වහන්සේ: නුඹේ අත නුඹේ ළයෙහි තබන්නැයි ඔහුට කීසේක. ඔහු අත තමාගේ ළයෙහි තැබීය. ඔහු ඒක අහකට ගත්විට, බලව, ඔහුගේ අත හිම මෙන් කුෂ්ඨයෙන් සුදුවී තිබුණේය.


නොහොත් ශරීරයේ හමෙහි ගින්නෙන් දැවීමක් වූ කල දෑවාවූ තුවාලයේ මාංසය රතට හුරුව සුදු පල්ලක් වන්නේ නම්,


ඒක කුෂ්ඨරෝගයය. එහෙත් පූජකයා බැලූ කල පැල්ලමේ සුදු මයිල් නැතුව හමට වඩා පහත්නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දවසක් වෙන්කර සිටුවිය යුතුය.


වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය.


එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්