Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:2 - Sinhala Revised Old Version

2 මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:2
23 හුවමාරු යොමු  

කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් නුඹලාට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න.


ඉදිමුමද කබුලද පල්ලද සම්බන්ධව,


පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය, කුෂ්ඨරෝගය සුවවී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත්,


උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක.


කාටවත් එය නොකියන්ට උන්වහන්සේ ඔහුට අණකොට: නුඹ ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ දේවල් ඔවුන්ට සාක්ෂි පිණිස නුඹේ පවිත්‍රවීම සඳහා ඔප්පුකරන්නැයි කීසේක.


නුඹ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පෙනී, නුඹේ පවිත්‍රවීම ගැන මෝසෙස් විසින් අණකළ දේවල් පූජාකරන්න කියා එකෙණෙහිම ඔහු යැවූසේක.


යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක.


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


ස්වාමීන්වහන්සේ සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වනසේක, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්නකරනසේක.


පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.


එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.


සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය.


ඒ වරද යෝවාබ්ගේ හිස පිටත් ඔහුගේ පියාගේ මුළු වංශය පිටත් පැමිණේවා; යෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහයක් ඇති කෙනෙක් හෝ කුෂ්ඨරෝගකාරයෙක් හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙක් හෝ කඩුවෙන් වැටෙන කෙනෙක් හෝ කෑම හිඟවූ කෙනෙක් හෝ නැතුව නොසිටීවයි කීවේය.


සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.


වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය.


ගේ අයිතිකාරයා ඇවිත්: ගෙයි කුෂ්ඨයක් තිබෙනවා වාගේ මට පෙනේයයි පූජකයාට කියන්නේය.


ඈ තමාගේ මාංසයෙන් භාගයක් දිරාගොස්, මවු කුසෙන් බිහිවෙන මළ දරුවෙකු මෙන් වෙන්ට නොහරින මෙන් අයදිමියි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට:


පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය.


එවිට පූජකතැන බලා කබොල්ල හමෙහි පැතිර තිබෙන බව පෙනේනම් ඔහු අපවිත්‍රයයි කිය යුතුය. ඒක කුෂ්ඨ රෝගයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්