Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:13 - Sinhala Revised Old Version

13 එවිට ඔහුගේ මුළු ශරීරය කුෂ්ඨයෙන් වැසී තිබේනම් රෝගාතුරයා පවිත්‍රයයි ඔහු විසින් කිය යුතුය. සියල්ල සුදුවී තිබෙන බැවින් ඔහු පවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:13
6 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නුමුත් දැන්–අපට පෙනේයයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක.


අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.


කුෂ්ඨය හමෙහි පැතිර ගොස් රෝගාතුරයාගේ මුළු හම ඔහුගේ හිස පටන් ඔහුගේ පාද දක්වාම පූජකයාට පෙනෙන සෑම තැනම කුෂ්ඨයෙන් වැසී තිබේනම්, පූජකයා බලාවා,


එහෙත් කිසිවිටක අමු මාංස පෙනේනම් ඔහු අපවිත්‍රය.


වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය.


කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් නුඹලාට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්