Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:7 - Sinhala Revised Old Version

7 ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:7
11 හුවමාරු යොමු  

මැද සිටින කෙනෙකුට පස්සෙන් උයන්වලට යන පිණිස තමුන් ශුද්ධ පවිත්‍රකරගන්නාවූ, ඌරු මස් සහ පිළිකුල් දේද මීයන්ද කන්නාවූ අය එක්ව නැතිවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.


ඔව්හු සොහොන් අතරේ හිඳිති, රහස් ස්ථානවලද රාත්‍රිය පසුකරති. ඔව්හු ඌරු මස් කති, පිළිකුල් ද්‍රව්‍යවල හොදිද ඔවුන්ගේ භාජනවල තිබේ.


ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා නුඹලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය.


එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය.


යක්ෂයෝ ඒ මනුෂ්‍යයාගෙන් දුරුවී ගොස් ඌරන්ට වැහුණෝය. එකල ඌරු රැළ ප්‍රපාතය දිගේ වේගයෙන් විලට දිව ගොස් ගිලී මළෝය.


ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.


මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන.


හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය.


උන්ගේ මාංස නොකන්න, උන්ගේ මළකුණු ස්පර්ශනොකරන්න; උන් නුඹලාට අපවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්