Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:47 - Sinhala Revised Old Version

47 මෘගයන්ද පක්ෂීන්ද ජලයෙහි හැසිරෙන පණ ඇති සතුන්ද බිම බඩගායන සියලු සතුන්ද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 මෙහි අදහස නම්, අපවිත්‍ර දේ හා පවිත්‍ර දේ පිළිබඳ ව ද කෑමට සුදුසු හා නුසුදුසු මෘගයන් පිළිබඳ ව ද නුඹලා වෙනසක් කළ යුතු බව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 මෙහි අදහස නම්, අපවිත්‍ර දේ හා පවිත්‍ර දේ පිළිබඳ ව ද කෑමට සුදුසු හා නුසුදුසු මෘගයන් පිළිබඳ ව ද නුඹලා වෙනසක් කළ යුතු බව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:47
10 හුවමාරු යොමු  

නුඹලා විසින් ශුද්ධ දේ සහ අකැප දේ අතරෙහිත් අපවිත්‍ර දේ සහ පවිත්‍ර දේ අතරෙහිත් වෙනසක් කරන පිණිසද,


ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.


එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.


අපවිත්‍රයන්ද පවිත්‍රයන්ද අතරෙත් කෑමට සුදුසු සතුන්ද කෑමට නුසුදුසු සතුන්ද අතරෙත් වෙනස දැක්වීමට,


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය.


එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය.


මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත් දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්