Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:44 - Sinhala Revised Old Version

44 මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටින්න. පොළොව පිට බඩගා යන කොයි සතෙකුගෙන්වත් නුඹලාම අපවිත්‍රකර නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:44
34 හුවමාරු යොමු  

මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න–නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.


එබැවින් නුඹලා නුඹලාම පවිත්‍රකරගෙන ශුද්ධව සිටින්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


දෙවියන්වහන්සේ අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය.


නුඹලා මට ශුද්ධව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය, මාගේ සෙනඟ වන පිණිස මනුෂ්‍ය ජාතීන් අතරෙන් නුඹලා වෙන්කරගතිමි.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.


මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය, ස්වාමීන්වහන්සේද පොළෝතලයෙහි වසන සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.


අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.


අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.


අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ පාපුටුව වෙත නමස්කාරකරව්. උන්වහන්සේ ශුද්ධසේක.


එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.


නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. නුඹ විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.


මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කථාකොට: ස්වාමීන්වහන්සේ එනම් මේ ශුද්ධ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්ට කාට පුළුවන්ද? උන්වහන්සේ අප වෙතින් කා වෙතට යවමුදැයි කීවෝය.


බඩගායන කොයි සතෙකුගෙන්වත් පිළිකුල් නොවන්න, උන්ගෙන් පිළිකුල්වන ලෙස උන් කරණකොටගෙන අපවිත්‍රනොවන්න.


නුඹලා මාගේ සෙනඟ කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය.


දෙදෙනෙක් එකඟවුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද?


මම වනාහි මුහුදේ රැළ ගර්ජනාකරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරීම් ඇසීමි. නුඹලා සවස මාංස කන්නහුය, උදය රොටිවලින් තෘප්තියට පැමිණෙන්නහුය; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ඔවුන්ට කියවයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.


නුඹලා මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුඹලා මාගේ සියලු ආඥා සිහිකොට ඒවා පවත්වමින් නුඹලාගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටින පිණිසත්, එබඳු දාවල්ලක් නුඹලාට තිබේවා.


නුඹේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.


රූප වෙතට නොහැරෙන්න, වාත්තු දේවතාවුන් සාදානොගන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුඹේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, නුඹේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


යෝෂුවා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේට සේවයකරන්ට නුඹලාට බැරිය; මක්නිසාද උන්වහන්සේ ශුද්ධවූ දෙවිකෙනෙක්ය; ස්වකීය ගෞරවය රක්ෂාකරන දෙවිකෙනෙක්ය; උන්වහන්සේ නුඹලාගේ අපරාධද පාපද කමානොකරනසේක.


ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්