Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:40 - Sinhala Revised Old Version

40 ඒ මළකුණෙන් කන තැනැත්තේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණ උසුලාගන යන තැනැත්තේද තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:40
25 හුවමාරු යොමු  

ඉබේම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදැමූ කිසි පක්ෂියෙක්වත් මෘගයෙක්වත් පූජකයන් විසින් නොකෑ යුතුය.


ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය.


ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා නුඹේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ නුඹට පුළුවන. මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය.


එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.


නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.


නුඹලාට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.


නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.


ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.


එසේ පවිත්‍ර තැනැත්තේ තුන්වෙනි දාත් සත්වෙනි දාත් අපවිත්‍ර තැනැත්තාට වතුර ඉසීවා. එසේ සත්වෙනි දින හෙතෙම ඔහුගේ දෝෂ පහකරාවා; ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගන සවස පවිත්‍ර වන්නේය


ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය.


අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.


එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


උන්ගේ මළකුණු උසුලාගනයන්නා තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ සත්තු නුඹලාට අපවිත්‍රය.


උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.


නුඹලා මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.


නුඹලා කෑමට ගන්න මෘගයින්ගෙන් එකෙක් මැරුණොත් උගේ මළකුණේ ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටී.


තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.


පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


ස්පර්ශවන තැනැත්තෙක්වත් සවස දක්වා අපවිත්‍රවන්නේය, තමා වතුර නාගත්තොත් මිස නැත්නම් ඔහු ශුද්ධ දේවලින් නොකෑ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්