Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:37 - Sinhala Revised Old Version

37 උන්ගේ මළකුණුවලින් කිසිවක් වපුරන්ට තිබෙන මොන බිත්තර වී පිට නුමුත් වැටුණත් ඒවා පවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 තවද, උන්ගේ මළකුණුවලින් යමක් බිත්තර වී පිට වැටුණත් ඒවා පවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 තවද, උන්ගේ මළකුණුවලින් යමක් බිත්තර වී පිට වැටුණත් ඒවා පවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:37
6 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.


දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන.


මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.


නුඹ වපුරන කල වපුරන්නෙක් මතු අටගන්න කඳ නොව තිරිඟු හෝ වෙන වර්ගයක බීජයක් හෝ පමණය;


එසේවී නුමුත් උල්පතක් හෝ වතුර එකතුවෙන වළක් හෝ පවිත්‍රය. නුමුත් උන්ගේ මළකුණු ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය.


එහෙත් ඒ බිත්තර වී පිට වතුර වත්කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒ පිට වැටුණොත් ඒවා නුඹලාට අපවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්