Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:35 - Sinhala Revised Old Version

35 උන්ගේ මළකුණෙන් කිසිවක් යම් දෙයක් පිටට එනම් උදුනක හෝ වලන් මැස්සක හෝ වැටුණොත් එය බිඳදැමිය යුතුය. ඒවා අපවිත්‍රය, ඒවා නුඹලාට අපවිත්‍රවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 උන්ගේ මළකුණුවලින් කිසිවක් යම් දෙයක් පිට වැටේ ද, එය උදුනක් වේ වා, වළං මැස්සක් වේ වා, ඒවා කඩාදැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. නුඹලා ද ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 උන්ගේ මළකුණුවලින් කිසිවක් යම් දෙයක් පිට වැටේ ද, එය උදුනක් වේ වා, වළං මැස්සක් වේ වා, ඒවා කඩාදැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. නුඹලා ද ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:35
8 හුවමාරු යොමු  

ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.


උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය;


එහෙත් ඒක තැම්බූ මැටි භාජනය බිඳ දැමිය යුතුය. එය පිත්තල භාජනයක තම්බන ලද්දේ වීනම් භාජනය මැදලා වතුරෙන් සේදිය යුතුය.


එහි තිබෙන කන්නාවූ කොයි කෑමක් පිටට නුමුත් [උන්ගේ] වතුර වැටේද ඒ කෑම අපවිත්‍රවන්නේය; එබඳු හැම භාජනවලින් බොන සියලු බීම අපවිත්‍රවන්නේය.


එසේවී නුමුත් උල්පතක් හෝ වතුර එකතුවෙන වළක් හෝ පවිත්‍රය. නුමුත් උන්ගේ මළකුණු ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය.


කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.


ඒ වස්ත්‍රයත් ලෝම වුවත් හණ වුවත් දිග නූල් හෝ හරස් නූල් හෝ කුෂ්ඨය ඇති සියලුම හම් බඩුත් ඔහු පුලුස්සා දැමිය යුතුය; මක්නිසාද එය වස කුෂ්ඨයක්ය; ඒක ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්