Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:32 - Sinhala Revised Old Version

32 උන් මළ පසු යම් බඩුවක් පිටට වැටුණොත් ලී භාජනයක් නුමුත් ඇඳුමක් නුමුත් හමක් නුමුත් මල්ලක් නුමුත් යම් වැඩකට පාවිච්චිකරන වෙනයම් භාජනයක් නුමුත් ඒක අපවිත්‍රවන්නේය, එය වතුරෙහි දැමිය යුතුය, එය සවස දක්වා අපවිත්‍රව තිබේ; ඉන්පසු එය පවිත්‍රවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 උන්ගේ මළකුණු යම් දෙයක් පිට වැටුණොත්, එය ලී භාජනයක් වේ වා, වස්ත්‍රයක් වේ වා, හමක් වේ වා, මල්ලක් වේ වා, භාවිතයට ගන්න ඕනෑ ම බඳුනක් වේ වා ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා වතුරේ දැමිය යුතු අතර ඒවා සවස දක්වා අපවිත්‍ර වේ. ඉන්පසු ඒවා පවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 උන්ගේ මළකුණු යම් දෙයක් පිට වැටුණොත්, එය ලී භාජනයක් වේ වා, වස්ත්‍රයක් වේ වා, හමක් වේ වා, මල්ලක් වේ වා, භාවිතයට ගන්න ඕනෑ ම බඳුනක් වේ වා ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා වතුරේ දැමිය යුතු අතර ඒවා සවස දක්වා අපවිත්‍ර වේ. ඉන්පසු ඒවා පවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:32
12 හුවමාරු යොමු  

ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.


අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.


උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.


එහෙත් ඒක තැම්බූ මැටි භාජනය බිඳ දැමිය යුතුය. එය පිත්තල භාජනයක තම්බන ලද්දේ වීනම් භාජනය මැදලා වතුරෙන් සේදිය යුතුය.


බඩගායන සියලු සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය. උන් මළ පසු උන්ට ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.


තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.


පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.


ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.


ස්පර්ශවන තැනැත්තෙක්වත් සවස දක්වා අපවිත්‍රවන්නේය, තමා වතුර නාගත්තොත් මිස නැත්නම් ඔහු ශුද්ධ දේවලින් නොකෑ යුතුය.


එවිට පූජකයා තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, පසුව කඳවුරට ඇතුල්වෙන්ට ඔහුට පුළුවන, ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය.


කඩවැස්මක් නොබැඳ ඇරලා තිබෙන සියලු භාජන අපවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්