Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 10:4 - Sinhala Revised Old Version

4 එවිට මෝසෙස් ආරොන්ගේ බාල පියා වන උසියෙල්ගේ පුත්‍රයන්වූ මිෂායෙල් හා එල්ශාඵාන් කැඳවා: නුඹලා ළඟාවී නුඹලාගේ සහෝදරයන් ශුද්ධ ස්ථානය ඉදිරියෙන් කඳවුරෙන් පිටතට උස්සාගන යන්නැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට මෝසෙස්, ආරොන්ගේ බාප්පා වූ උශ්ශියෙල්ගේ පුත්‍රයන් වන මිෂායෙල් සහ එල්ශාපාන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙහි අවුත්, ඔබේ සහෝදරයන් ශුද්ධස්ථානය ඉදිරිපිටින් උසුලාගෙන ගොස් කඳවුරෙන් පිටත දමන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට මෝසෙස්, ආරොන්ගේ බාප්පා වූ උශ්ශියෙල්ගේ පුත්‍රයන් වන මිෂායෙල් සහ එල්ශාපාන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙහි අවුත්, ඔබේ සහෝදරයන් ශුද්ධස්ථානය ඉදිරිපිටින් උසුලාගෙන ගොස් කඳවුරෙන් පිටත දමන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 10:4
10 හුවමාරු යොමු  

උස්සීයෙල්ගේ පුත්‍රයෝ: මීෂායෙල්, එල්ෂාපාන් සහ සිත්රීය.


කොහාත්ගේ පුත්‍රයෝ: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය. කොහාත්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්තුනක් විය.


තරුණයෝ නැගිට ඔහු ඔතා, පිටතට ගෙනගොස් වැළලුවෝය.


කොහාත්වරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියානම් උස්සීයෙල්ගේ පුත්‍රවූ එලිශාඵාන්ය.


පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝනම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදානකොට, ඔහු ගැන බොහෝසෙයින් වැලපුණාහ.


උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.


කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


මෝසෙස් කූඩාරම ගෙන කඳවුරෙන් පිටත කඳවුරට ඈතින් පිහිටුවන්ට පුරුදුව සිටියේය; ඔහු ඊට සම්මුඛවීමේ කූඩාරමයයි නම් තැබුවේය. තවද ස්වාමීන්වහන්සේ සොයන හැමදෙනාම කඳවුරෙන් පිට තිබුණු සම්මුඛවීමේ කූඩාරම ළඟට ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්