Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 10:14 - Sinhala Revised Old Version

14 නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ දූවරුද තේව ළැපැත්ත සහ එසවීමේ කළවය පවිත්‍ර තැනකදී කෑ යුතුය. මක්නිසාද ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් නුඹේද නුඹේ පුත්‍රයන්ගේද නියම කොටස කොට දෙන ලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 10:14
10 හුවමාරු යොමු  

මේවාත් නුඹට අයිතිය, එනම්, ඔවුන්ගේ දීමනාවේ එසවීමේ පූජාවවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලුම තේව පූජාය. ඒවා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.


යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.


මෝසෙස් අණකළ ලෙස ආරොන් තේව පූජාවක් පිණිස ළැපැත්ත හා දකුණු කළවයද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව කෙළේය.


ඔවුන් පත්කිරීමටත් විශුද්ධකිරීමටත් ඒවායින් සමඟිකම්කළ බැවින් ඔවුන් විසින් ඒවා කන්නට යෙදේවා. නුමුත් ඒවා ශුද්ධ බැවින් විදේශියෙක් එයින් නොකෑ යුතුය.


ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් එය නුඹේද නුඹේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය.


එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.


එහෙත් පූජකයෙකුගේ දුව වැන්දඹුවක්ව නොහොත් අත්හරිනු ලැබ දරුවන් නැතුව ඇගේ පියාගේ ගෙට හැරී ඇවිත් සිටී නම්, ඇගේ තරුණ වයසේදී මෙන් ඇගේ පියාගේ භෝජනවලින් ඈට කන්ට පුළුවන. නුමුත් අන්‍යවූ කිසිවෙක් එයින් නොකෑ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්