Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 10:11 - Sinhala Revised Old Version

11 ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියෙවූ සියලු පනත් නුඹලා ඔවුන්ට උගන්වන පිණිසද ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල නියෝගයක් වන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට වදාළ සියලු ම නීති නියෝග නුඹ ඔවුන්ට ඉගැන්විය යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට වදාළ සියලු ම නීති නියෝග නුඹ ඔවුන්ට ඉගැන්විය යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 10:11
16 හුවමාරු යොමු  

මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය, මිනිස්සුද කියෙවු දේ තේරුම්ගත්තෝය.


පූජකයාවූ එස්රාද හත්වෙනි මාසයේ පළමුවෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපොත ගෙනවුත්,


එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.


කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් නුඹලාට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න.


මක්නිසාද අපි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට මොන ආඥා දුනිමුද කියා නුඹලා දන්නහුය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.


පූජකයෝ: ස්වාමීන්වහන්සේ කොයිදැයි නෑසුවෝය. ව්‍යවස්ථාවේ යෙදී සිටින්නෝ මා නෑඳින සිටියෝය. පාලකයෝද මට විරුද්ධව කැරළිගැසුවෝය, ප්‍රොපේතවරුද බාල්ගේ නමින් අනාගතවාක්‍ය කියා ප්‍රයෝජන නොවන දේවල් අනුව ගියෝය.


හෙසකියා ස්වාමීන්වහන්සේගේ මෙහෙය ගැන සමර්ථකම ඇති සියලු ලෙවීවරුන්ට මිත්‍රකමින් කථාකෙළේය. ඔව්හු ශාන්ති පූජා ඔප්පුකරමින්ද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් කෑවෝය.


ඔව්හුද යූදාහි උගන්වමින්, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන යූදාහි සියලු නුවරවලට ගොස්, සෙනඟ අතරෙහි ඉගැන්නුවෝය.


ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ඒ ස්ථානයේ සිට ඔවුන් නුඹට දන්වන තීන්දුව ප්‍රකාර කරන්න; ඔවුන් නුඹට දන්වාදෙන සියල්ලේ හැටියට කරන්ට බලාගන්න.


ඔවුන් නුඹට දන්වා දෙන ව්‍යවස්ථාවේද නුඹට කියන විනිශ්චයේද හැටියට කරන්න. ඔවුන් නුඹට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න.


බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්