Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 1:16 - Sinhala Revised Old Version

16 ඔහු උගේ ගොදුරු බොක්කද උගේ පිහාටුද පහකර ඒවා පූජාසනය ළඟ නැගෙනහිරින් අළු දමන තැන දැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඉන්පසු ඔහු උගේ ගොදුරු බොක්ක ද පිහාටු ද පහ කොට, ඒවා පූජාසනයේ නැගෙනහිර පැත්තෙන් වූ අළු දමන තැන දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඉන්පසු ඔහු උගේ ගොදුරු බොක්ක ද පිහාටු ද පහ කොට, ඒවා පූජාසනයේ නැගෙනහිර පැත්තෙන් වූ අළු දමන තැන දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 1:16
8 හුවමාරු යොමු  

ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.


දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.


තවද ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.


අතුණු සහ ගොමද යන මුළු ගොනා කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙනගොස් දර පිට ගින්නෙන් දවන්නේය. අළු දමන ස්ථානයෙහි ඌ පුලුස්සා දැමිය යුතුය.


එකෙණෙහිම මේ කාරණය නෙබුකද්නෙශර් කෙරෙහි සම්පූර්ණවිය. ඔහු මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලැබ, ගොනුන් මෙන් තෘණ කෑයේය, ඔහුගේ ඉසකේ රාජාලීන්ගේ පිහාටුමෙන්ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන්ද වැඩෙන තුරු, ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේය.


නැතිවූ දෙය සම්බවූ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියාකොට බොරුවට දිවුළොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව්කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්