Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 1:15 - Sinhala Revised Old Version

15 පූජකයාද ඌ පූජාසනයට ගෙනවුත් උගේ හිස කඩාදමා පූජාසනය පිට දැවිය යුතුය; උගේ ලේ පූජාසනයේ පැත්තේ වැගිරෙන්ට හැරීය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 පූජකවරයා ද ඌ පූජාසනයේ ඔප්පු කොට, උගේ බෙල්ල කඩා පූජාසනය මත ඌ දැවිය යුතු ය. උගේ ලේ පූජාසනයේ පැත්තකින් ගලා යන්නට හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 පූජකවරයා ද ඌ පූජාසනයේ ඔප්පු කොට, උගේ බෙල්ල කඩා පූජාසනය මත ඌ දැවිය යුතු ය. උගේ ලේ පූජාසනයේ පැත්තකින් ගලා යන්නට හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 1:15
10 හුවමාරු යොමු  

නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව; එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක.


මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී, මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද?


ඒ එසේ සිද්ධවිය. ඔහු පසුවදා අලුයම නැගිට ලොම් මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා වතුර මිරිකා හැරියේය.


එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති. පිරුණු කුසලානකින් ඔව්හු වතුර බේරා බොති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්