Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 9:9 - Sinhala Revised Old Version

9 මක්නිසාද: මේ කාලයේ හැටියට මම එන්නෙමි, සාරාට පුතෙක් ලැබෙන්නේය යන වචනය පොරොන්දුවේ වචනයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඒ පොරොන්දුව නම්, “නියමිත කාලයේ දී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත” යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 මන්ද පොරොන්දුවේ කියවෙන්නේ මෙයයි: “ඊළඟ වසරේ මේ කාලයට මම ආපසු එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඒ පොරොන්දුව නම්, “නියමිත කාලයේ දී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත” යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 9:9
7 හුවමාරු යොමු  

කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය.


ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.


එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.


සාරා ගර්භිණීව දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කීවාවූ නියම කාලයෙහිදී ඔහුගේ මහලු වයසෙහි ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය.


ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය.


ඉඳින් මා නුඹලාට කියන්නේ නම්, මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන ලෙසය. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්