Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 9:29 - Sinhala Revised Old Version

29 පළමුවෙනුත් යෙසායා කියා තිබෙන ප්‍රකාරයට, සේනාවල ස්වාමීන්වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළසේක් නම් අපි සොදොම මෙන් වීමුව, ගොමොරාවට සමාන කරනු ලැබීමුයයි කියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 කලිනුත් යෙසායා මෙසේ පවසා ඇත: “සව් බලැති සමිඳාණන් වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළ සේක් නම්, අපට වන්නේ සොදොමට වූ දෙය ම ය; ගොමොරාවට වූ දෙය ම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 තවද යෙසායා පළමුවෙනුත් කී පරිදි මෙසේ ය: “සියලු බලැති ස්වාමින්වහන්සේ අපටත් පෙළපතක් ඉතිරි නො කළ සේක් නම්, අප සොදොම මෙන් විය හැකිව තිබිණි; ගොමොරාව මෙන් වීමට තිබිණි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 කලිනුත් යෙසායා මෙසේ පවසා ඇත: “සව් බලැති සමිඳාණන් වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළ සේක් නම්, අපට වන්නේ සොදොමට වූ දෙය ම ය; ගොමොරාවට වූ දෙය ම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 9:29
15 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.


බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.


දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව පෙරළාදැමුවාක්මෙන් නුඹලා අතරෙන් සමහරෙකු පෙරළා දැමුවෙමි, නුඹලා ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් මෙන් වූවහුය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයිස්වාමීන්වහන්සේ කියනසේක.


මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනීය දෙවියන්වහන්සේ විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.


දෙවියන්වහන්සේ විසින් සොදොමද ගොමොරාවද එහි අසල නුවරවල්ද නාස්තිකළ කාලයේ මෙන්, මනුෂ්‍යයෙක් එහි වාසය නොකරන්නේය, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි පොරොත්තුව නොසිටින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සොදොම සහ ගොමොරාවේද එහි අසල නුවරවලද විනාශය මෙන්, කිසි මනුෂ්‍යයෙක් එහි වාසය නොකරන්නේය, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි පොරොත්තුව නොසිටින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.


සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,


ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:


මුහුදුබඩ වනාහි එඬේරුන්ට පැල්ද බැටළු ගාල්ද ඇති පිට්ටනි වන්නේය.


මක්නිසාද, කිසිවෙකු විසින් අත් හෙළන්නේ නැතුව ඇසිල්ලකින් මෙන් විනාශවුණ සොදොමේ පාපයට වඩා මාගේ සෙනඟ වන දියණියගේ අයුතුකම මහත්ය.


අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.


පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.


සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්