Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 8:22 - Sinhala Revised Old Version

22 මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 මන්ද මුළු මහත් මැවිල්ලම එක්ව මේ දක්වාත් ප්‍රසව වේදනාවෙන් කෙඳිරි ගානා බව අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 8:22
9 හුවමාරු යොමු  

දේශය වැලපෙන්නෙත් මුළු රටේ තෘණ මැලවෙන්නෙත් කොපමණ කල්ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝද පක්ෂීහුද නැතුව ගියෝය; මක්නිසාද: ඔහු අපේ අන්තිමය නොදකින්නේයයි ඔව්හු කීවෝය.


ඔව්හු එය පාළුවක් කළෝය; එය පාළුවක් වී, මා ඉදිරියෙහි වැලපෙන්නේය; කවුරුවත් සිතට නොගන්න නිසා මුළු දේශය පාළුකරනලද්දේය.


ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය.


මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී,


නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.


ඈ ගර්භිණීව සිටියාය. ඈ විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය.


උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න.


එහිදී ඔවුන්ට වෙවුලුමත් ප්‍රසූතිකාවකට සේ වේදනාවත් හටගත්තේය.


නුඹලා එහි වාසයකරද්දී නුඹලාගේ සබත් කාලවල ඊට නොලැබුණු නිවාඩුව නටබුන් භාවයේ කාලයෙහිදී ලබනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්