Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 8:20 - Sinhala Revised Old Version

20 මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 මන්ද මැවිල්ල නිෂ්ඵල භාවයට ඇද දමනු ලැබ ඇත්තේ, එහි කැමැත්තෙන් නො ව, එය බලාපොරොත්තුවෙන් යටත් කළ තැනැත්තාණන් නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 8:20
14 හුවමාරු යොමු  

ඔහු ස්වාමීන්වහන්සේ ශාපකළ භූමිය කරණකොටගෙනවූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේය කියා ඔහුට නෝවා යන නම තැබීය.


මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.


දේශය වැලපෙන්නෙත් මුළු රටේ තෘණ මැලවෙන්නෙත් කොපමණ කල්ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝද පක්ෂීහුද නැතුව ගියෝය; මක්නිසාද: ඔහු අපේ අන්තිමය නොදකින්නේයයි ඔව්හු කීවෝය.


එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.


නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය.


දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි.


සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා උන් කැලඹී ඇවිදිති; එසේය, බැටළු රැළවලුත් නාස්තිවුණෝය.


ඔව්හු එය පාළුවක් කළෝය; එය පාළුවක් වී, මා ඉදිරියෙහි වැලපෙන්නේය; කවුරුවත් සිතට නොගන්න නිසා මුළු දේශය පාළුකරනලද්දේය.


බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.


මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්