Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 7:23 - Sinhala Revised Old Version

23 නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්‍රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියයන් තුළ ඇති බව මට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්‍රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්‍රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්‍රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියයන් තුළ ඇති බව මට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 7:23
16 හුවමාරු යොමු  

මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.


නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද?


මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.


නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සේවයකරමි; නුමුත් මාංසයෙන් සේවයකරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය.


ප්‍රේමවන්තයෙනි, නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධකරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.


නුඹලා පාපයට විරුද්ධව පොරට සිට, තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත.


එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ.


මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය.


නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.


පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.


මා විසින් ඔබගේ නාමයට ස්තුතිකරන පිණිස මාගේ ආත්මය හිරගෙයින් මිදුව මැනව. ඔබ මට යහපත්කම්කරන බැවින් ධර්මිෂ්ඨයෝ මා පිරිවරාගන්නෝය.


මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.


මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්