Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 7:11 - Sinhala Revised Old Version

11 මක්නිසාද පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා රවටා, එයින් මා මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මන්ද, පාපය, ආඥාව මඟින් ක්‍රියාවට ඉඩප්‍රස්ථාවක් සලසාගෙන, මා රවටා, ආඥාව උපයෝගී කොටගෙන, මා මැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 මන්ද ආඥාව මඟින් ප්‍රස්තාව අල්ලාගත් පාපය, මා රවටා, එමඟින් මා මරා දැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මන්ද, පාපය, ආඥාව මඟින් ක්‍රියාවට ඉඩප්‍රස්ථාවක් සලසාගෙන, මා රවටා, ආඥාව උපයෝගී කොටගෙන, මා මැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 7:11
12 හුවමාරු යොමු  

ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය.


නුමුත් පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා තුළ සියලු ආකාර තණ්හා ඉපදෙවූවේය. මක්නිසාද ව්‍යවස්ථාවෙන් වෙන්ව පාපය නැසී තිබේ.


නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.


යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.


නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.


එසේවී නම් ඒ යහපත් දේ මට මරණය වූයේද? එසේ නොවේවා. නුමුත් මෙසේ වුණේ යහපත්වූ එක කරණකොටගෙන මට මරණය ඉපදවීමෙන් පාපය පාපය ලෙස පෙනෙන පිණිසත්, ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය ඉතා පාපිෂ්ඨව පෙනෙන පිණිසත්ය.


අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, නුඹේ සිතේ භයංකරකම ගැන නුඹේ සිතේ උඩඟුකමෙන් නුඹ රැවටුණෙහිය. නුඹේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?


ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.


[එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,


පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ නුඹ නුඹේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය.


කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්