Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 5:13 - Sinhala Revised Old Version

13 මක්නිසාද ව්‍යවස්ථාව දෙන තෙක් පාපය ලෝකයෙහි තිබුණේය. නුමුත් ව්‍යවස්ථාවක් නැති කල්හි පාපය ගණන්ගනු නොලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 මන්ද සැබවින් ම දහම් නීතිය දීමට පෙර සිටම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් නීතිය නැති තැන පාපය ගණන් නො ගැනිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 5:13
16 හුවමාරු යොමු  

මක්නිසාද ව්‍යවස්ථාව උදහස උපදවන්නීය; නුමුත් ව්‍යවස්ථාවක් නැති තැන වරද කිරීමකුත් නැත.


මරණයේ කටුව නම් පාපයය; පාපයේ බලය නම් ව්‍යවස්ථාවය.


පව්කරන සෑමදෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය.


ඔහු කළ දෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණු බැවින් උන්වහන්සේ ඔහුද නැසූසේක.


යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් ස්වාමීන්වහන්සේ ඔහු නැසූ සේක.


එන්න, අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස අපේ පියාණන්ට මුද්‍රිකපානය පොවා ඔහු සමඟ සයනයකරමුයයි කීවාය.


නුමුත් ඔවුන් නින්දට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ, එනම් සොදොමේ මනුෂ්‍යයෝ වූ සියලු දිගින් ආවාවූ තරුණයෝද මහල්ලෝද යන මුළු සෙනඟ ගෙය වටකරගත්තෝය;


තවද ස්වාමීන්වහන්සේ: සොදොමේද ගොමොරාවේද මොරගැසීම මහත් බැවින්ද ඔවුන්ගේ පාපය ඉතා බරපතළ බැවින්ද,


සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව ස්වාමීන්වහන්සේට විරුද්ධව අතිශයින් පව්කාරව සිටියෝය.


ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.


පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.


අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.


මෙසේ ලොත්ගේ දූවරු දෙදෙනා තමන්ගේ පියා කරණකොටගෙන ගර්භිණීවූවෝය.


කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්