Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 4:10 - Sinhala Revised Old Version

10 එසේවී නම් ගණන්ගන්නාලද්දේ කෙසේද? ඔහු චර්මඡේදිතව සිටිය කල්හිද? නොහොත් අචර්මඡේදිතව සිටිය කල්හිද? චර්මඡේදිතව සිටිය කල්හි නොව අචර්මඡේදිතව සිටිය කල්හිමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එසේ පිළිගනු ලැබුවේ චර්මඡේදනය ලබා සිටිය දී ද, නැතහොත් නොලබා සිටිය දී ද? ලබා සිටිය දී නොව, එය නොලබා සිටිය දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 ඔහුට අදාළව එසේ ගණන් ගනු ලැබුවේ කෙසේ ද? ඒ ඔහු චර්මඡේද වන්නට කලින් ද? ඊට පසුව ද? එසේ වූයේ ඔහු චර්මඡේද වූවාට පසුව නො වේ; ඊට කලින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එසේ පිළිගනු ලැබුවේ චර්මඡේදනය ලබා සිටිය දී ද, නැතහොත් නොලබා සිටිය දී ද? ලබා සිටිය දී නොව, එය නොලබා සිටිය දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 4:10
11 හුවමාරු යොමු  

මක්නිසාද අලුත් මැවිල්ල මිස, චර්මඡේද්‍යවත් අචර්මඡේද්‍යයවත් කිසිවක් නොවේ.


මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.


මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයද අතරෙහි නුඹලා විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරෙහි සියලු පිරිමින් චර්මඡේද්‍යය කිරීමය.


ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.


සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.


එසේවී නම් මේ ආශීර්වාදය ප්‍රකාශකරනලද්දේ චර්මඡේදිතයන් කෙරෙහිද? නොහොත් අචර්මඡේදිතයන් කෙරෙහිත්ද? මක්නිසාද: ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලදැයි අපි කියමුව.


ඔහු අචර්මඡේදිතව සිටියදී තමාට තිබුණාවූ ඇදහිල්ලේ ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් කොට චර්මඡේද්‍යය නම් ලකුණ ලැබුවේය. මෙසේ වුණේ අචර්මඡේදිතව සිටිය නුමුත් ධර්මිෂ්ඨකම සඳහා ගණන්ගැනීම පිණිස අදහන්නාවූ සියල්ලන්ගේ පියා වන පිණිසත්, චර්මඡේදිතයෝව පමණක් නොව,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්