Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 2:28 - Sinhala Revised Old Version

28 මක්නිසාද පිටාතර පෙනීමෙන් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් නොවේ; මාංසයේ පිටාතර චර්මඡේද්‍යය චර්මඡේද්‍යයක් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 පෙනුමට පමණක් වූ ජුදෙව්වා සැබෑ ජුදෙව්වෙක් නොවේ. චර්මඡේදනය ද බාහිර ශාරීරික කරුණක් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 පිටස්තරව පමණක් කිසිවකු යුදෙව්වකු වන්නේ නැත. එසේම, චර්ම-ඡේදනය ද පිටස්තර වූ ශාරීරික වූ එකක් පමණක් නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 පෙනුමට පමණක් වූ ජුදෙව්වා සැබෑ ජුදෙව්වෙක් නොවේ. චර්මඡේදනය ද බාහිර ශාරීරික කරුණක් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:28
17 හුවමාරු යොමු  

මක්නිසාද අලුත් මැවිල්ල මිස, චර්මඡේද්‍යවත් අචර්මඡේද්‍යයවත් කිසිවක් නොවේ.


මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


එනම්, මම නුඹේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි.


ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.


එහෙත් නුඹ යුදෙව්වෙක්යයි කියනු ලැබ ව්‍යවස්ථාවෙහි පිහිටා සිට දෙවියන්වහන්සේ ගැන පාරට්ටුකරගන්නෙහි නම්,


යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.


එනම් මිසරයටද යූදාටද ඒදොම්ටද අම්මොන් පුත්‍රයන්ටද මෝවබ්ටද තමුන්ගේ රැවුල් කොන් කැපුවාවූ කාන්තාරයෙහි වාසයකරන්නාවූ සියල්ලන්ටද මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය. මක්නිසාද සෑම ජාතීහු අචර්මඡේදිතවද මුළු ඉශ්‍රායෙල් වංශය සිතින් අචර්මඡේදිතවද සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.


සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය.


යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, නුඹලා ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, නුඹලාගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.


බලව, අචර්මඡේදිතව සිටින සියලු චර්මඡේදිතයන්ට,


එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ නුඹලා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්