Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 16:13 - Sinhala Revised Old Version

13 ස්වාමීන්වහන්සේ තුළ තෝරාගනු ලැබූවාවූ රූපස්ටද ඔහුගෙත් මාගෙත් මෑණියන්ටද ආචාරකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සමිඳාණන් වහන්සේගේ විශිෂ්ටතම කිතුනුවෙකු වූ රූපස්ට ද මටත් මවක වැනි වූ ඔහුගේ මවට ද මාගේ ආචාරය පිරිනමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 ස්වාමින්වහන්සේ තුළ තෝරා ගන්නා ලද රූෆස්ටත්, මට ද මවක වූ ඔහුගේ මවටත් ආචාර කරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සමිඳාණන් වහන්සේගේ විශිෂ්ටතම කිතුනුවෙකු වූ රූපස්ට ද මටත් මවක වැනි වූ ඔහුගේ මවට ද මාගේ ආචාරය පිරිනමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 16:13
12 හුවමාරු යොමු  

වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමඟ තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද,


වැඩිමහල් ස්ත්‍රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද අවවාදකරන්න.


ඔව්හු අලෙක්සන්දර්ගෙත් රූපස්ගෙත් පියවූ, පිටිසරින් ඇවිත් ඒ මග ගියාවූ කිරේනියේ සීමොන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසිය උසුලාගන යන පිණිස ඔවුන් සමඟ යන්ට බලකළෝය.


නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.


නුමුත්, ස්වාමීන්වහන්සේ විසින් ප්‍රේමකරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව.


ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.


එවිට උන්වහන්සේ ගෝලයාට කථාකොට: මෙන්න, නුඹේ මෑණියෝ! යයි කීසේක. ඒ පැයේ පටන් ඒ ගෝලයා තමාගේ ගෙදරට ඇය පිළිගත්තේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි වදාළ සේක.


මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝයයි කීසේක.


ස්වාමීන්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාටද තෘපෝසාටද ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ බොහෝ වෙහෙස දැරුවාවූ ප්‍රියවූ පර්සිස්ට ආචාරකරන්න.


අසින්ක්‍රිතස්ටද ප්ලෙගෝන්ටද හෙර්මෙස්ටද පත්‍රොබස්ටද හෙර්මස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සහෝදරයන්ටද ආචාරකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්