Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 16:1 - Sinhala Revised Old Version

1 කෙංක්‍රයේ තිබෙන සභාවෙහි මෙහෙකාරියෙක්වූ පේබී නම් අපගේ සහෝදරී ශුද්ධවන්තයන්ට ඔබිනාලෙස නුඹලා විසින් ස්වාමීන්වහන්සේ තුළ පිළිගනු ලබන ලෙසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 කෙන්ක්‍රෙයා සභාවේ සේවිකාවක වන ෆීබී නම් අපේ සහෝදරිය මම ඔබට සාදරයෙන් පිළිගන්වමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 කෙන්ක්‍රයා සභාවේ සේවිකා ෆීබී අප සහෝදරිය මම ඔබට බාර කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 කෙන්ක්‍රෙයා සභාවේ සේවිකාවක වන ෆීබී නම් අපේ සහෝදරිය මම ඔබට සාදරයෙන් පිළිගන්වමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 16:1
10 හුවමාරු යොමු  

මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.


සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී,


වැඩිමහල් ස්ත්‍රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද අවවාදකරන්න.


මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.


අපි නැවත අප ගැනම සාක්ෂි දෙන්ට පටන්ගනිමුද? නොහොත් සාක්ෂිපත්‍ර නුඹලාට දෙන්ට හෝ නුඹලාගෙන් ගන්ට හෝ සමහරුන්ට මෙන් අපට ඕනෑකරනවාද?


හෙරොද්ගේ ගබඩාකාරවූ කුසාගේ භාර්යාවූ යොවන්නාද සූසානාද තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථාන කළවෙනත් බොහෝ ස්ත්‍රියෝද සිටියෝය.


දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.


අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කිපස්ටද නුඹේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්