Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 15:8 - Sinhala Revised Old Version

8 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සත්‍යතාව උදෙසා චර්මඡේද්‍යයේ මෙහෙකරුවෙක් වූසේකැයි කියමි. කුමටද, පියවරුන්ට දුන් පොරොන්දු ස්ථිරකරන පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූ සේකැ යි කියමි. එසේ වූයේ පිතෘවරයන්ට දුන් පොරොන්දු ස්ථීර කරන පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මා ඔබට කියන්නේ, ක්‍රිස්තුස්වහන්සේ චර්මඡේදිතයින්ගේ සේවකයකු වූයේ, දෙවියන්වහන්සේගේ සත්‍යවාදීත්වය දක්වන පිණිස බව ය; එසේ කළේ, ආදි පියවරුනට දෙන ලද පොරොන්දු ස්ථිර කරන පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූ සේකැ යි කියමි. එසේ වූයේ පිතෘවරයන්ට දුන් පොරොන්දු ස්ථීර කරන පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 15:8
29 හුවමාරු යොමු  

නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක.


උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.


තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.


දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.


ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද?


ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න.


මක්නිසාද පසුගිය කාලයෙහිදී නුඹලා දෙවියන්වහන්සේට අකීකරුව සිට, ඔවුන්ගේ අකීකරුකම නිසා දැන් යම්සේ කරුණාව ලැබුවහුද,


එබැවින් දෙවියන්වහන්සේගේ යහපත්කමත් සැරකමත් බලන්න. වැටුණුවුන් කෙරෙහි සැරකමය; නුමුත් නුඹ උන්වහන්සේගේ යහපත්කමෙහි පවතින්නෙහි නම් නුඹ කෙරෙහි දෙවියන්වහන්සේගේ යහපත්කමය. එසේ නොපවතින්නෙහි නම් නුඹත් කපාදමනු ලබන්නෙහිය.


මේ නිසා අනුග්‍රහය ප්‍රකාරයට සිද්ධවන පිණිස එය ඇදහිල්ලෙන් වේ. කුමටද? පොරොන්දුව මුළු වංශයට ස්ථිරවන පිණිසය, එනම් ව්‍යවස්ථාවෙහි වූ වංශයට පමණක් නොව ආබ්‍රහම්ගේ ඇදහීමෙන් වූ වංශයටත්ය.


එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.


එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.


පුරාණයේ දවස්වල පටන් ඔබවහන්සේ අපේ පියවරුන්ට දිවුළාවූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ටකරනසේක.


ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි.


හෘදයසාක්ෂිය නිසායයි මා කියන්නේ නුඹේම හෘදයසාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදයසාක්ෂිය ගැනය; මාගේ නිදහස්කම අන් කෙනෙකුගේ හෘදයසාක්ෂියේ හැටියට විනිශ්චයකරන්නේ මන්ද?


එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.


එසේවී නම් කුමක් කියම්ද? දේවතා පිදවිල්ලක් යමක්ය කියාවත් නොහොත් දේවතාවෙක් යමක්ය කියාවත් කියම්ද?


ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය.


එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත; දුෂ්ටකමද මාගේ තොල්වලට පිළිකුලක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්