Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 15:29 - Sinhala Revised Old Version

29 මා නුඹලා ළඟට එන කල ක්‍රිස්තුස්වහන්සේගේ ආශීර්වාදයේ පූර්ණත්වය ඇතුව මා එන බව දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශීර්වාද රාශියක් ඇති ව එන බව මට සහතික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 මා ඔබ වෙත එන කල මා එන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ද රැගෙන බව මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශීර්වාද රාශියක් ඇති ව එන බව මට සහතික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 15:29
11 හුවමාරු යොමු  

ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,


ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.


එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.


සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,


මම ඔවුන් සහ මාගේ කන්ද වටකර ඉඩම් ආශීර්වාදයක් කරන්නෙමි; වැස්ස නියම කාලයට වස්වන්නෙමි; ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත.


මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.


නුමුත් දැන් මේ රටවල මට තවත් ඉඩක් නැති බැවින්ද, බොහෝ අවුරුදු ගණනක පටන් නුඹලා ළඟට එන්ට මහත් ආශාවක් මට තිබෙන බැවින්ද,


නුඹලා මා උදෙසා දෙවියන්වහන්සේට කරන නුඹලාගේ යාච්ඤාවලදී මා සමඟ බලවත්ලෙස වීර්යකරන හැටියට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසාද ආත්මයාණන්වහන්සේගේ ප්‍රේමය නිසාද නුඹලාගෙන් ඉල්ලමි.


මේ විශ්වාසයෙන් නුඹලාට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් නුඹලා ළඟට ඇවිත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්