Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 15:14 - Sinhala Revised Old Version

14 මාගේ සහෝදරයෙනි, නුඹලාම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සහෝදරයෙනි, ඔබ යහපත්කමින් පිරුණු, ප්‍රඥාසම්පන්න ව, එකිනෙකාට අවවාදානුශාසනා දීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 මා සහෝදරයිනි, ඔබ යහ ගුණයෙන් පිරී, දැනගැන්මෙන් සපිරි, එකිනෙකාට උපදෙස් දීමෙහි සමත්ව සිටින වග මම ඒත්තු ගෙන සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සහෝදරයෙනි, ඔබ යහපත්කමින් පිරුණු, ප්‍රඥාසම්පන්න ව, එකිනෙකාට අවවාදානුශාසනා දීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 15:14
25 හුවමාරු යොමු  

එබැවින් නුඹලා මේ දේවල් දැන නුඹලාට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම නුඹලාට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි.


මා නුඹලාට ලියා එවුවේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව, නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය.


දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.


එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.


මක්නිසාද දැනුම ඇත්තාවූ නුඹ දේවාලයක කන්ට හිඳගන ඉන්නවා යමෙක් දුටුවොත්, ඔහු දුර්වල නම්, දේවතාවන්ට පුදනලද දේ කන්ට ඔහුගේ හෘදය සාක්ෂිය ධෛර්ය නොවන්නේද?


එසේවී නුමුත් මේ දැනගැන්ම සියලු මනුෂ්‍යයන් තුළ නැත. සමහරු මේ දක්වා දේවතාවා විද්‍යමාන කෙනෙක්යයි සිතන්ට පුරුදුවූයෙන්, දේවතා පිදවිල්ලක් කොට කති; දුර්වලව තිබෙන ඔවුන්ගේ හෘදයසාක්ෂියද කිලුටුවේ.


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය නුඹලා තුළ ස්ථිරවූ ලෙසම,


මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාසකරගනය.


ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.


ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය.


එහෙත්, ප්‍රේමවන්තයෙනි, අපි මෙසේ කථාකරන නුමුත් යහපත්වූ, ගැළවීමට අනුකූලවූ කොටසට නුඹලා අයිති බව අපි නිසැකව විශ්වාසකරමුව.


මක්නිසාද කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්, දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ; නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය.


ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි.


නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි.


නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි.


මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.


කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,


ඉදින් නුඹලා සියලු දෙයින්, එනම් ඇදහිල්ලෙන්ද කථාවෙන්ද ඥානයෙන්ද සියලු උත්සාහවලින්ද අප කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමයෙන්ද අධිකව සිටින්නාක්මෙන්ම මෙම අනුග්‍රහයෙන්ද අධිකවන්ට බලාගන්න.


එබැවින් අපගේ දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් කරුණාව ලෙස නුඹලා තුළ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද උන්වහන්සේ තුළ නුඹලාද ගෞරවයට පැමිණෙන පිණිස,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්