Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 14:8 - Sinhala Revised Old Version

8 මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 ජීවත් වන්නෙමු නම්, අප ජීවත් වන්නේ ස්වාමින්වහන්සේ උදෙසා ය. මියෙනවා නම්, අප මියෙන්නේ ද ස්වාමින්වහන්සේ උදෙසා ය. එබැවින්, ජීවත් වෙතත්, මිය ගියත් අප ස්වාමින්වහන්සේගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 14:8
13 හුවමාරු යොමු  

ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇත්තේය.


අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.


නුමුත් එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵලයය; ඉන්පසු, ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී, උන්වහන්සේ සන්තකවූවෝ (නැගිටින්නෝ)ය. එවිට කෙළවර පැමිණේ;


එවිට පාවුල් උත්තරදෙමින්: නුඹලා කුමක් කරනවාද? අඬා මාගේ හිත පළන්නේ මක්නිසාද? මම යෙරුසලමේදී ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ටත් සූදානම්ව සිටිමියි කීවේය.


තවද: මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය කියා ලියන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන්වහන්සේ කියනසේක.


එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.


නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.


මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.


කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.


ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇද්දැයි හඟවාදෙමින් උන්වහන්සේ මෙසේ කීසේක. මේ වචන කියා: මා අනුව එන්නැයි ඔහුට කීසේක.


උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටිතියි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්