Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 14:22 - Sinhala Revised Old Version

22 නුඹට තිබෙන ඇදහිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹටම තබාගන්න. තමා විසින් යහපත්ය කියා පිළිගන්නාවූ කාරණය ගැන තමාට දෝෂ පමුණුවා නොගන්නාවූ තැනැත්තා වාසනාවන්තය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඔබගේ පෞද්ගලික මත දෙවියන් වහන්සේත්, ඔබත් අතර තබාගන්න. තමා හරි යයි පිළිගන්නා දේ ගැන යමෙකුගේ සිත දොස් නොකියයි නම් ඒ මිනිසා වාසනාවන්තයෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 ඔබට ඇති ඇදහිල්ල දෙවියන්වහන්සේත්, ඔබත් අතර තබාගන්න. තමන් අනුමත කරන දෑ ගැන තමාටම දොස් පවරා ගැනීමක් නැති පුද්ගලයා භාග්‍යවත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඔබගේ පෞද්ගලික මත දෙවියන් වහන්සේත්, ඔබත් අතර තබාගන්න. තමා හරි යයි පිළිගන්නා දේ ගැන යමෙකුගේ සිත දොස් නොකියයි නම් ඒ මිනිසා වාසනාවන්තයෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 14:22
13 හුවමාරු යොමු  

ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;


එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා.


නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.


සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.


නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.


මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.


යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි.


සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය.


ඒ නිසා මම දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්ටද නිතරම උත්සාහකරමි.


අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?


මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.


එබැවින් විනිශ්චයකරන මනුෂ්‍යය, නුඹ කවරෙක් වුවත් නිරුත්තරව සිටිනෙහිය. මක්නිසාද යමක් ගැන නුඹ අනිකෙකු විනිශ්චයකෙරෙහිද, නුඹම එම දේවල් කරන නිසා නුඹටම වරද තබාගන්නෙහිය.


එසේවී නුමුත් මේ දැනගැන්ම සියලු මනුෂ්‍යයන් තුළ නැත. සමහරු මේ දක්වා දේවතාවා විද්‍යමාන කෙනෙක්යයි සිතන්ට පුරුදුවූයෙන්, දේවතා පිදවිල්ලක් කොට කති; දුර්වලව තිබෙන ඔවුන්ගේ හෘදයසාක්ෂියද කිලුටුවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්