Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:27 - Sinhala Revised Old Version

27 මා ඔවුන්ගේ පාප දුරලන කල ඔවුන් කෙරෙහි මාගේ ගිවිසුම මේයයි ලියනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔවුන්ගේ පාප දුර ලන කල, ඔවුන් සමඟ මම මේ ගිවිසුම කරගතිමි”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 මා ඔවුන්ගේ පාප දුරලන කල, මා ඔවුන්ට දෙන ගිවිසුම මෙය වන්නේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔවුන්ගේ පාප දුර ලන කල, ඔවුන් සමඟ මම මේ ගිවිසුම කරගතිමි”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:27
12 හුවමාරු යොමු  

එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.


තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය.


ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට:


පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!


ඒ දවස්වල සහ ඒ කාලයේදී ඉශ්‍රායෙල්ගේ අයුතුකම සොයන නුමුත් එය නොතිබෙයි; යූදාගේ පාපයන් සොයන නුමුත් ඒවා සම්බ නොවෙයි. මක්නිසාද මා විසින් ඉතුරුකරන අයින්ට කමාවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජාකරන්නාක්මෙන් ඔප්පු කරන්නෙමුව.


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්