Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:22 - Sinhala Revised Old Version

22 එබැවින් දෙවියන්වහන්සේගේ යහපත්කමත් සැරකමත් බලන්න. වැටුණුවුන් කෙරෙහි සැරකමය; නුමුත් නුඹ උන්වහන්සේගේ යහපත්කමෙහි පවතින්නෙහි නම් නුඹ කෙරෙහි දෙවියන්වහන්සේගේ යහපත්කමය. එසේ නොපවතින්නෙහි නම් නුඹත් කපාදමනු ලබන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එබැවින් දෙවියන් වහන්සේගේ කරුණාවත්, තද ගතියත් තේරුම්ගන්න. වැටී ගිය අය කෙරෙහි උන් වහන්සේ තදින් ක්‍රියා කරන සේක; එහෙත් උන් වහන්සේගේ කරුණාවෙහි පවතින ඔබ ගැන කරුණාවෙන් ක්‍රියා කරන සේක. එසේ නොපවතින්නහු නම් ඔබත් කපා ඉවත් කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 එබැවින්, දෙවියන්වහන්සේගේ කාරුණික භාවයත්, දැඩි භාවයත් කල්පනාවට ගන්න. වැටී ගියවුන් වෙත දැඩි භාවය ය; උන්වහන්සේගේ කරුණාවෙහි ඔබ පැවත සිටින්නේ නම්, ඔබට දෙවියන්වහන්සේගේ කාරුණික භාවය ය. එසේ නො වුවහොත්, ඔබ ද කපා දැමේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එබැවින් දෙවියන් වහන්සේගේ කරුණාවත්, තද ගතියත් තේරුම්ගන්න. වැටී ගිය අය කෙරෙහි උන් වහන්සේ තදින් ක්‍රියා කරන සේක; එහෙත් උන් වහන්සේගේ කරුණාවෙහි පවතින ඔබ ගැන කරුණාවෙන් ක්‍රියා කරන සේක. එසේ නොපවතින්නහු නම් ඔබත් කපා ඉවත් කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:22
33 හුවමාරු යොමු  

මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,


නුමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. අපි අන්තිමය දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිරලෙස අල්ලාගන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය.


නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශකළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය නුඹලාට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය.


මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.


එබැවින් නුඹ වැටී සිටින්නේ කොතැනින්දැයි සිහිකොට, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න; නැතහොත් මම නුඹ ළඟට ඇවිත්, නුඹ පශ්චාත්තාප නොවෙනවා නම්, නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක්කරන්නෙමි.


තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.


ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙනසේක;


අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.


අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.


එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;


මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව.


ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය.


සරුබිමේ ඒවා නම් අවංකවූ යහපත් සිතින් වචනය අසා, තදින් අල්ලාගෙන, ඉවසීමෙන් ඵලදරන්නෝය.


නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.


මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.


නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.


තවද ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර අයුතුකම් කළාම, පැකිලීමට කාරණයක් මම ඔහු ඉදිරියෙහි තබන විට ඔහු නසිනවා ඇත. නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු තමාගේ පාපයෙහි නසිනවා ඇත, ඔහු කළාවූ ඔහුගේ ධර්මිෂ්ඨකම සිහිකරනු නොලබන්නේය; ඔහුගේ ලේද නුඹ අතින් අයකරන්නෙමි.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!


මක්නිසාද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතුරු නොකළසේක් නම්, නුඹවත් ඉතුරු නොකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්