Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 10:19 - Sinhala Revised Old Version

19 නුමුත් ඉශ්‍රායෙල් නොදැන සිටියේදැයි අසමි: ජාතියක් නොවන්නන් කරණකොටගෙන නුඹලා ජ්වලිතකරවන්නෙමි, තේරුම් නැත්තාවූ ජාතියක් කරණකොටගෙන නුඹලා කෝපකරවන්නෙමියි පළමුකොට මෝසෙස් කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත් ඉශ්රායෙල් ජාතිය එය නොදැන සිටියා දැ යි මම යළි යළිත් ප්‍රශ්න කරමි: “නියම ජාතියක් නොවන ජනතාවක් කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මම නුඹලා තදින් පොළඹවන්නෙමි; අනුවණ ජාතියක් කෙරේ නුඹලාගේ කෝපය අවුස්සන්නෙමි”යි පළමුකොට මෝසෙස් කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 මම මෙසේ අසමි: ඉශ්‍රායෙල් වටහා ගත්තේ නැති ද? පළමු කොට, මෝසෙස් මෙසේ පවසයි, “ජාතියක් නො වන්නවුන් වෙත මම ඔබ ඊර්ෂ්‍යා කරවන්නෙමි. අඥාන ජාතියක් ලවා මම ඔබ කෝප කරවන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත් ඉශ්රායෙල් ජාතිය එය නොදැන සිටියා දැ යි මම යළි යළිත් ප්‍රශ්න කරමි: “නියම ජාතියක් නොවන ජනතාවක් කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මම නුඹලා තදින් පොළඹවන්නෙමි; අනුවණ ජාතියක් කෙරේ නුඹලාගේ කෝපය අවුස්සන්නෙමි”යි පළමුකොට මෝසෙස් කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 10:19
19 හුවමාරු යොමු  

දෙවි නොවන්නන් කරණකොටගෙන ඔව්හු මා කෝපකළෝය; තමුන්ගේ නිෂ්ඵලකම්වලින් මා උදහස් කළෝය. මමද සෙනඟක් නොවන්නන් කරණකොටගෙන ඔවුන් කෝපකරවන්නෙමි; අඥාන ජාතියක් ලවා ඔවුන් උදහස් කරවන්නෙමි.


එසේවී නම් ඔවුන් පැකුලුණේ වැටෙන පිණිසදැයි අසමි. එසේ නොවේවා. එහෙත් ඔවුන් ජ්වලිතකරවන පිණිස ඔවුන්ගේ වැටීම කරණකොටගෙන අන්‍යජාතීන්ට ගැළවීම පැමිණ තිබේ.


කුමටද? යම් හෙයකින් මාගේම මාංසය වූවන්ට ජ්වලිතය උපදවා, ඔවුන්ගෙන් සමහරෙක් ගළවාගන්න පිණිසය.


මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.


වරක් නුඹලා සෙනඟක්ව සිටියේ නැත, නුමුත් දැන් දෙවියන්වහන්සේගේ සෙනඟව සිටින්නහුය; දයාව නොලැබ සිටිය නුමුත් දැන් දයාව ලැබ සිටින්නහුය.


ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය.


ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි.


නුඹලා අන්‍යදෘෂ්ටීන්ව සිටියදී යම්සේ ගෙන යනු ලැබුවහුද එලෙසම නුඹලා ගොළු දේවතාරූප වෙතට ගෙනයනු ලැබූබව නුඹලා දන්නහුය.


කිමෙක්ද? කන්ටත් බොන්ටත් නුඹලාට ගෙවල් නැද්ද? නොහොත් නුඹලා දෙවියන්වහන්සේගේ සභාව සුළුකොට කිසිවක් නැත්තන් ලජ්ජාවට පමුණුවවුද? නුඹලාට මක්කියම්ද? මේ ගැන නුඹලාට ප්‍රශංසාකරම්ද? ප්‍රශංසා නොකරමි.


එසේවී නම් කුමක් කියම්ද? දේවතා පිදවිල්ලක් යමක්ය කියාවත් නොහොත් දේවතාවෙක් යමක්ය කියාවත් කියම්ද?


නුමුත් සහෝදරයෙනි, කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන්ද;


නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.


එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.


මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


සියලු මනුෂ්‍යයෝ දැනගැන්ම නැතුව මූඪව සිටිති; සියලු රන්කරුවෝද ඔවුන්ගේ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. මක්නිසාද ඔහුගේ පිළිමය බොරුවක්ය,


ඔව්හු ඒකාකාරයෙන් මූඪව අඥානව සිටිති. ඒ පිළිමයන්ගේ ධර්මය, ලීයක් සමානය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්