Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රෝම 1:15 - Sinhala Revised Old Version

15 එසේ රෝමයෙහි සිටින්නාවූ නුඹලාටත් මට පුළුවන් ප්‍රමාණයට ශුභාරංචිය දේශනාකරන්ට මම සෑදී සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 රෝමයෙහි වසන ඔබටත් සුබ අස්න දේශනා කිරීමෙහි දැඩි ආශාවක් මට ඇත්තේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 රෝමවාසී ඔබට ද ශුභාරංචිය දේශනා කරන්නට මා පුල පුලා බලා සිටින්නේ එබැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 රෝමයෙහි වසන ඔබටත් සුබ අස්න දේශනා කිරීමෙහි දැඩි ආශාවක් මට ඇත්තේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 1:15
12 හුවමාරු යොමු  

එහෙත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට නුඹේ සිතේ තිබුණ කල්පනාව හොඳ කාරණයක්මය.


එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.


එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්නැයි කීසේක.


ඈට පුළුවන් දේ ඈ කළාය. භූමදානය පිණිස ඈ කල් ඇතුව මාගේ ශරීරය ආලේපකළාය.


යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.


එවිට පාවුල් උත්තරදෙමින්: නුඹලා කුමක් කරනවාද? අඬා මාගේ හිත පළන්නේ මක්නිසාද? මම යෙරුසලමේදී ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ටත් සූදානම්ව සිටිමියි කීවේය.


(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.


පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.


එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව:


මක්නිසාද මේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් මට භාරදී තිබේ.


මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්