Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 1:10 - Sinhala Revised Old Version

10 තමන් පුත්‍රයාණන්ගේ ශුභාරංචියෙහි මාගේ ආත්මයෙන් මා විසින් සේවයකරන දෙවියන්වහන්සේ මට සාක්ෂිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 හැම විට මාගේ යාච්ඤාවලදී මා ඉල්ලා සිටින්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ඔබ හමුවට ඒම දැන්වත් සඵල වන ලෙසට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 1:10
15 හුවමාරු යොමු  

ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය.


එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.


ඒ ඇර මට නවාතැනක් සූදානම් කරන්න. මක්නිසාද නුඹලාගේ යාච්ඤා කරණකොටගෙන මා නුඹලාට දෙනු ලැබේයයි බලාපොරොත්තුවෙමි.


මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය.


වඩා ඉක්මනින් මා නුඹලාට නැවත දෙනු ලබන පිණිස, එසේ කරන්ට මම වඩා ඕනෑකමින් නුඹලාට අනුශාසනාකරමි.


නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.


මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.


නුමුත් ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම් මම නුඹලා ළඟට වහාම ඇවිත්, උඩඟුවූවන්ගේ කථාව නොව ඔවුන්ගේ බලය දැනගන්නෙමි.


ඔහු එකඟ නුවූකල: ස්වාමීන්වහන්සේගේ කැමැත්ත වේවයි කියමින් අපි නැවතුණෙමුව.


මා නුඹලා ළඟට එන කල ක්‍රිස්තුස්වහන්සේගේ ආශීර්වාදයේ පූර්ණත්වය ඇතුව මා එන බව දනිමි.


දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්