Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 4:3 - Sinhala Revised Old Version

3 ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 4:3
5 හුවමාරු යොමු  

උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.


කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.


නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.


ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.


බලව, නුඹේ පියාගේ සහෝදරයාවූ ෂල්ලුම්ගේ පුත්‍රයා වන හනමෙල් නුඹ ළඟට ඇවිත්: අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද ඒක මිලේටගන්නා පිණිස මිදීමේ බලය තිබෙන්නේ නුඹටය කියා කියන්නේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්