Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 2:4 - Sinhala Revised Old Version

4 බලව, බෝවස් බෙත්-ලෙහෙමේ සිට අවුත්: ස්වාමීන්වහන්සේ නුඹලා සමග වේවයි ගොයම් කපන්නන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරනසේක්වයි ඔහුට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 කෙත අයිතිකාර බෝවස් ම බෙත්ලෙහෙමේ සිට එහි පැමිණියේ ය. “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා!”යි කියමින් ඔහු ගොයම් කපන්නන්ට ආචාර කෙළේ ය. ඔව්හු ද, “ඔබටත් දෙවි සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 කෙත අයිතිකාර බෝවස් ම බෙත්ලෙහෙමේ සිට එහි පැමිණියේ ය. “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා!”යි කියමින් ඔහු ගොයම් කපන්නන්ට ආචාර කෙළේ ය. ඔව්හු ද, “ඔබටත් දෙවි සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 2:4
21 හුවමාරු යොමු  

සමාදානයේ ස්වාමීන්වහන්සේම නුඹලාට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙනසේක්වා. ස්වාමීන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා.


ඔහු ඈ සිටි තැනට පැමිණ: බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීය.


ස්වාමීන්වහන්සේ නුඹේ ආත්මය සමඟ සිටිනසේක්වා. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.


ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව.


දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.


ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.


ඇදහිලිවන්ත ස්වාමිවරුන් ඇත්තෝ වනාහි, ස්වාමිවරු සහෝදරයන් නිසා ඔවුන් සුළු නොකර, ප්‍රයෝජන ලබන්නෝ ඇදහිලිවන්තයන්ද ප්‍රේමවන්තයන්ද වන බැවින්, වඩා සතුටින් ඔවුන්ට වැඩකරත්වා. මේ කාරණා උගන්වා අවවාදකරන්න.


ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.


එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය.


සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ නුඹට ආශීර්වාදකර නුඹ සෙනඟ රාශියක් වන පිණිස නුඹ සඵලකොට නුඹ වැඩිකරනසේක්වා;


ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා.


ස්වාමීන්වහන්සේද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.


තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය.


බෙත්-ලෙහෙම්ගේ පියවූ සල්මා සහ බෙත්-ගාදෙර්ගේ පියවූ හාරෙප්ය.


ස්වාමීන්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට නුඹට ආශීර්වාදකරන සේක්වා.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔවුන්ගේ වාල්කම පහකළ කල්හි යූදා දේශයෙහිද එහි නුවරවලද මනුෂ්‍යයන්–එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය, එම්බා ශුද්ධකමේ කන්ද, නුඹට ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරනසේක්වා යන කීම නැවත භාවිතාකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්