Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රූත් 2:22 - Sinhala Revised Old Version

22 නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් නුඹට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමග යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 2:22
5 හුවමාරු යොමු  

නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.


ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹ නොදන්නෙහි නම්, රැළේ අඩිපාරේම ගොස්, එඬේරුන්ගේ කූඩාරම් ළඟ නුඹේ එළු පැටවුන්ට කවන්න.


පේතෘස් මළුවෙහි පහළ සිටියදී උත්තම පූජකයාගේ මෙහෙකාර තරුණියන්ගෙන් එක්කෙනෙක් ඇවිත්


මෝවබිය රූත්ද: එසේය, ඔහු මට කථාකර–මාගේ ගොයම් සියල්ල කපා තීන්දුකරන තුරු නුඹ මාගේ වැඩකාරයන් ළඟම සිටින්න කියාත් කීවේයයි කීවාය.


මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමග විසුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්