Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 9:22 - Sinhala Revised Old Version

22 යෝෂුවා ඔවුන් කැඳවා: නුඹලා අප අතරේ වාසයකරද්දී-අපි නුඹවහන්සේලාට බොහෝ දුරින් සිටිමුව කියා අප රැවටුවේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ජෝෂුවා ගිබියොන්වරුන් කැඳවා, “ඔබ අප අතරේ වාසය කරද්දී, ‘අපි ඔබට බොහෝ දුරින් සිටිමු’ කියා ඔබ අප රැවටුවේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ජෝෂුවා ගිබියොන්වරුන් කැඳවා, “ඔබ අප අතරේ වාසය කරද්දී, ‘අපි ඔබට බොහෝ දුරින් සිටිමු’ කියා ඔබ අප රැවටුවේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:22
9 හුවමාරු යොමු  

ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවා වෙතට ගොස් ඔහුටත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ටත් කථාකොට: අපි දුර රටකින් ආවෙමුව. එබැවින් අප සමඟ ගිවිසුමක් කළමැනවියි කීවෝය.


එහෙත් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමුන්ගේ අසල්වාසීන් බවත් තමුන් අතරෙහි වාසයකරන බවත් ඔවුන්ට ආරංචිවුණේය.


තවද පහන්වූ කල ඒ ලෙයා බව ඔහු දැන ගත්තේය. එවිට ඔහු ලාබන්ට කථාකොට: නුඹ මට කළ මේ දෙය කුමක්ද? මා නුඹට මෙහෙකෙළේ රාඛෙල් උදෙසා නොවේද? කුමක්හෙයින් මට වංචා කෙළෙහිදැයි ලාබන්ට කීය.


නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.


නුමුත් ගිබියොන් වැසියන් යෝෂුවා විසින් යෙරිකෝවටත් හායිටත් කළදේ ඇසූ විට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්